Gossips

ශ්‍රී දේවීගේ මරණය ගැන තවත් සැකයක්

අභාවප්‍රාප්ත සුපිරි බොලිවුඩ් නිලි ශ්‍රී දේවී ඇයගේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කර ඊයේ අවසන් ගමන් ගියා.
ඩුබායි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වු ශ්‍රී දේවීගේ මරණය සම්බන්ධයෙන් එරටදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ අඩංගු වූ කරුණක් පිළිබඳ මේ වන විට මතබේධාත්මක කරුණක් මතුවී තිබෙනවා.
ඒ සුපිරි නිලියගේ හිසේ පැවති තුවාලයක් පිළිබඳවයි.
එම තුවාලය ඉතා ගැඹුරු එකක් වන අතර ඊට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එම තුවාලය ඇය නාන කාමයේ ඇද වැටීමෙන් සිදුවූ එකක් බවට නිරීක්ෂණය වී ඇතැයි සඳහන්.
කෙසේවෙතත් ඒ පිළිබඳ යළිත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බව විශ්වාස කෙරෙනවා.
ඩුබායි රාජ්‍යයේ හෝටලයක පැවති මංගල උත්සවයකට සහභාගී වීමට ගොස් සිටියදී නාන කාමරයේ සිදුවූ අනතුරකින් බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රී දේවී මරණයට පත්වුනා.
මෙම සිද්ධිය පිළිබඳ ඩුබායි ආරක්ෂක අංශ තවදුරටත් විමර්ශණ සිදු කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ද මෙම මරණය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුනා.
ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී දේවීගේ මරණය ඝාතනයක් බවයි.
ඇය තදින් මත්පැන් පානයට ඇබ්බැහි වු අයෙක් නොවන බවයි සුබ්‍රමනියම් ස්වාමි අවධාරණය කර තිබුනේ.
හෝටලයේ කැමරා උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ විමර්ශණ පැවැත්විය හැකි වුව ද ඒ පිළිබඳ මෙතෙක් කතා බහක් හෝ මතු නොවීම හමුවේ මෙම මරණය ගැන සැක මතුවන බව භාරතීය ජනතා පක්ෂයේ නායකයා පෙන්වාදී තිබෙනවා.