Gossips

ශ්‍රී දේවීගේ දියණියට චෝදනාවක් (ඡායාරූප)

බොලිවුඩ් සුපිරි නිලි ශ්‍රී දේවීගේ හදිසි මරණය සිදුවී දින කිහිපයක් ගතවන විට ඇයගේ දියණියක් සිදුකළ ක්‍රියාවක් පිළිබඳ දැඩි මතවාදයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ ශ්‍රී දේවීගේ වැඩිමහල් දියණිය වන Janhvi Kapoor ගේ 21 වන උපන්දින සැමරුමයි.
ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ සුපිරි නිලියගේ මරණයෙන් පසුව ඇයගේ පවුලේ සාමාජිකයන් සතුටින් පසුවන ආකාරය මෙම උපන්දින සැමරුම තුලින් පෙන්නුම් කෙරෙන බවයි.
පසුගිය 6 වනදා Janhvi Kapoor ගේ 21 වන උපන්දින සැමරුම පැවති අතර ඊට ඇයගේ යෙහෙළියන් මෙන්ම පවුලේ ඥාතීන් එක්ව සිටි බව සඳහන්.
ශ්‍රී දේවීගේ අවමංගල්‍ය උත්සවයෙන් පසු පවුලේ සාමාජිකයන් එක්ව සිටි පළමු අවස්ථාව ද මෙය ලෙසටයි සැලකෙන්නේ.
සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස් මෙම සිද්ධිය විවේචනාත්මකව හෙළාදැක තිබෙනවා.
Janhvi Kapoor සිය සමාජ මාධ්‍ය ගිණුම්වල දැමු ඡායාරූපවලට ද ඇයගේ රසිකයන් විවේචනාත්මකව අදහස් පළකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මරණයක් සිදුවීමෙන් පසුව ඥාතීන්ගේ ජීවිත වෙනස්කම්වලට භාජනය විය යුතු වුවත් මෙතරම් ඉක්මනින් මෙවැනි සතුටු සාදයක් නොපැවැත්විය යුතුව තිබු බව ඇතැමුන් ප්‍රකාශකර තිබෙනවා.
ඇතැම් පිරිස් ප්‍රකාශකර ඇත්තේ මරණයක් සිදුවූ පමණින් සෑමදිනකම දුකින් නොසිටිය යුතු බවයි.
එහෙත් සමීප ඥාතියෙකුගේ හදිසි මරණයකින් දින කිහිපයකින් පසු මෙවැනි සාද පවත්වා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සිදු නොකළ යුත්තක් බවයි ඇතැම් පිරිස් සඳහන් කර ඇත්තේ.