Gossips

ශ්‍රී දේවීගේ අවසන් කටයුතුවලට සියල්ල සුදානම්

ඉන්දීය සිනමාවේ සුපිරි නිලියක් වූ අභාවප්‍රාප්ත ශ්‍රී දේවීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට සියලු කටයුතු සුදානම්ව පවතිනවා.
රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරෙන එම කටයුතු වෙනුවෙන් දේහය මේ වන විට මුම්බායි නුවර සුසාන භූමියක් වෙත රැගෙන එමින් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ සඳහා බොලිවුඩයේ සුපිරි තරු රැසක් සහභාගී වීමට නියමිත අතර මල් කළඹ රැසක් ද සුසාන භූමියට රැගෙන විත් ඇතැයි සඳහන්.
ෂාරුක් ඛාන්, රන්දීර් කපුර් ඇතුලු බොලිවුඩ් තරු රැසක් අවමංගල්‍ය උත්සවයට එක්වී තිබෙනවා.
එම ස්ථානයේ දැවැන්ත පොලිස් ආරක්ෂාවක් ද ලබාදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.
අවසන් කටයුතු සිදුවන ස්ථානයට පැමිණීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව නොමැතිවීම හේතුවෙන් ඔවුන් ඒ අවට ගස් මතට නැග එම අවස්ථාව දැකබලා ගැනීමට එක්ව සිටින බව ද සඳහන්.
එමෙන්ම ශ්‍රීදේවීගේ දේහය රැගෙන යන රිය පිටුපසින් ද කිලෝමීටර් 7 ක පමණ දුරක් ජනතාව ගමන් කළ බව විදෙස් මාධ්‍ය හෙළි කළා.