Gossips

ශ්‍රී දේවි ගේ දේහය ඉන්දියාවට රැගෙන එද්දී හදවත් සංවේදී කළ වෙනස් ම කතාවක් එළියට එයි

පසුගිය දිනවල ලෝකේ ම අවධානය යොමුවූයේ බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි ගේ හදිසි අභාවය පිළිබඳවයි.
කෙසේ වෙතත් ඉන්දියාවේ ශ්‍රී දේවි ගේ නිවහන ඉදිරිපිට දින දෙකක් තිස්සේ රැඳී සිටින විශේෂ පුද්ගලයෙකු පිළිබඳව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු නමින් Jatin Valmiki නම් උත්තර් ප්‍රදේශ් හි පදිංචි පුද්ගලයෙක්.
Jatin මෙලෙස දින දෙකක් තිස්සේ ශ්‍රී දේවි ගේ නිවස ඉදිරිපිට රැඳී සිටින්නේ තම අවසන් ගෞරවය දැක්වීම සඳහායි.
කෙසේ වෙතත් ඔහුගේ ඇති විශේෂත්වය වන්නේ උපතින් ම දෙනෙත් අන්ද පුද්ගලයකු වීමයි.
කිසිවක් නොපෙනෙන පුද්ගලයෙකු මෙලෙස දින දෙකක් තිස්සේ ශ්‍රී දේවි ගේ නිවස ඉදිරිපිට රැඳී සිටීම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය විසින් ඒ පිළිබඳව ඔහුගෙන් විමසා තිබෙනවා.
ඔහු එහිදී පවසා ඇත්තේ කිසිදිනක තමන් ශ්‍රී දේවි ගේ රුව නොදුටු මුත් ඇයගේ මනුසත් ගුණය පිළිබඳව තමන් හොඳින් හඳුනන බවයි.
Jatin Valmiki විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ තම සොහොයුරා පිළිකාවකින් පීඩා විඳිමින් සිටි අවස්ථාවේ තමන් මහත් අසරණ වූ බවයි.
එම අවස්ථාවේ ශ්‍රී දේවි මැදිහත්වී තමන්ට මූල්‍ය උපකාර සිදුකළේ ඇය තමන් පිළිබඳව කිසිවක් නොදැන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (28) මුම්බායි හිදී සිදුකිරීමට නියමිතයි.
ඊයේ (27) රාත්‍රියේ ශ්‍රීදේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ වන විටත් නිවස ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටි බවද සඳහන්.
අද දහවල් පැය 03ක කාලසීමාවක් දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.
ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතයි.
නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව සඳහන්.
ඇතැම් වාර්තාවලට අනුව ඇය මෙලෙස නාන කාමරයේ වැටී සිටින අයුරු දැක ඇත්තේ හෝටල් සේවකයන් විසින්.
ඩුබායි පොලීසිය සිද්ධිය පිළිබදව ශ්‍රීදේවිගේ සැමියා වන බොනී කපූර්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.