Gossips

ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීම තවත් පමා වන ලකුණු

ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීම සඳහා ඩුබායි බලධාරින් තවත් විමර්ශනයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.
ඇයගේ දේහය රජය පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් රැගෙන ඒමට කටයුතු කරන බවයි ඇතැම් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළා.
එහෙත් ඩුබායි හි ඉන්දීය තානාපති නව්දීප් සූරි ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් විට පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වීම සඳහා දින තුනක් දක්වා කල් ගත විය හැකි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය ශ්‍රී දේවිගේ සැමියා වන බොනී කපූර්ගෙන් ඊයේ (26) ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
rnrnrn