ශ්‍රී දේවිගේ දේහය මුදාහැරීමට අවශ්‍ය ලිපි ලේඛන පවුලේ ඥාතීන් වෙත
ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය මුදා හැරීමට අදාළ ලිපි ලේඛන පවුලේ ඥාතීන් වෙත ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව ඇයගේ දේහය ඉන්දියාවට රැගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි එම වාර්තාවල දැක්වුණේ.
විශේෂ ගුවන් යානයකින් දේහය ඉන්දියාවට රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඩුබායි හි ඉන්දීය තානාපති නව්දීප් සූරි මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඇතැම් විට පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වීම සදහා දින තුනක් ගත විය හැකි බවයි.
