Gossips

ශ්‍රී දේවිගේ තිලිණය, සැමියා සහ දියණියන් පිළිගනී

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල ඊයේ පැවති අතර, එහිදී හොඳම නිළිය ලෙස අභාවප්‍රාප්ත ශ්‍රී දේවිට හිමි වූ තිළිණය, ඇගේ සැමියා වන බොනී කපූර් සහ ජාන්වි සහ කෞෂි දියණියන් විසින් පිළිගෙන තිබෙනවා.
ශ්‍රී දේවිට එම තිළිණය හිමිවූයේ 2017 වසරේදී බොනී කපූර් නිෂ්පාදනය කළ මම් චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන්.
එය ශ්‍රී දේවිට පිරිනැමුණු ප්‍රථම ජාතික සිනමා සම්මානයයි.
මේ අතර, ඉන්දීය සිනමාවේ ප්‍රථම සුපිරි තාරකාව ලෙස සැලකෙන ශ්‍රී දේවි වයස අවුරුදු 54 ක්ව සිටියදී පසුගිය පෙබරවාරි මාසයේ ඩුබායි හිදී අනපේක්ෂිත ලෙස මියගියා.
ඇය හෝටලයේ නාන තටාකයක ගිලීමෙන් මියගිය බවටයි පසුව ප්‍රකාශ වූයේ.
වයස අවුරුදු 4 සිට සිනමා රංගනයට දායක වූ ඇය රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව 300කට අධිකයි.
rnrn