මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සිව් මහා මංගල්‍යයන්ගේ පළමු මංගල්‍යය වන අලුත් සහල් මංගල්‍යය අද (20) සිදු කෙරුණා.
උදෑසන 10.11ට යෙදුණු සුබ මොහොතින් දළදා මාලිගාවේදී අලුත් සහල් මංගල්‍යය සිදු කෙරුණේ තේවාව භාර පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ ප්‍රධානත්වයෙන්.
එම අවස්ථාවට අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික පූජ්‍ය ගොමගොඩ ශ්‍රී රතනසාර හිමියන් ඇතුලු මහා සංඝ රත්නයද එක්ව සිටියා.
