Gossips

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
දෙවන වසර සිසුන් පිරිසක් විසින් පළමු වසර සිසුන් පිරිසකට නවකවදය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමිනුයි පරිපාලනය විසින් අදාළ පීඨය වසා දැමීමට පියවර ගෙන ඇත්තේ.
විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ කළමනාකරණ පීඨය විවෘත කරන දිනය ඉදිරියේදී සිසුන්ට දැනුම් දෙන බවයි.
ඒ අනුව නේවාසිකාගාරවල සිටින කළමනාකරණ පීඨයේ සිසුන් හෙට උදෑසන 7 ට පෙර, ඉන් ඉවත්විය යුතු වනවා.