Gossips

ශ්‍රී‍්‍ර ලංකාවට එරෙහි 20-20 තරඟාවලියට දකුණු අප්‍රිකාවෙන් නායකයන් දෙදෙනෙක්

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත පන්දු වාර විස්සයි විස්ස තරඟාවලිය සඳහා සහභාගි වන දකුණු අප්‍රිකානු කණ්ඩායම නම් කර තිබෙනවා.
කේප් – ටවුන් හිදී හෙට ආරම්භ වන පළමු තරඟයට පමණක් ෆෆ් ඩුප්ලෙසි නායකයා ලෙස නම් කර ඇති අතර, දෙවන සහ තුන්වන තරඟවල නායකයා ලෙස කටයුතු කරන්නේ පෝල් ඩුමිනියි.
දෙරට අතර පන්දුවාර 20 තරඟාවලිය හෙට (19) ආරම්භ වීමට නියමිතයි.
මේ අතර දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජයගත් අතර එක්දින තරඟාවලිය තරඟ 05ට බිංදුවක් ලෙස ජය හිමි කර ගත්තේ දකුණු අප්‍රිකාවයි.