Gossips

ශ්‍රීලනිප ඉරණම ගමට ගොස් බලන්න, ඒකාබද්ධය නව මහ ලේකම්ට කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති ඉරණම ගමට ගොස් දැක බලා ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන නිදහස් පක්ෂ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ගෙන් ඉල්ලීමක් කළා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර තමන් පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලොසියස් ගෙන් මුදල් ලබා නොගත් බවට සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් හෙට (05) දිනයේදී කථානායක කරූ ජයසූරිය වෙත ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා.
එම පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ.