දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායකගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදුකිරිමට නියමිතයි.
පසුගිය 29 වනදා පෞද්ගලික රෝහලකදී ඇය අභාවප්‍රාප්ත වනවිට 77 වන වියේ පසුවුණා.
අමාත්‍ය නවීන් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ මෑණියන් වන ඇයගේ දේහය මේ වනවිට කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙනවා.
මේ අතර, සිංහල සිනමා ගීතයේ රිදී සීනුව, අභාවප්‍රාප්ත ඇන්ජලීන් ගුණතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී හෙට (02) සිදුකිරීමට නියමිතයි.
