Gossips

ශ්‍රීපාද සමය වෙනුවෙන් මස්කෙළියේ වෙළඳසැල් හදිසි පරික්ෂාවකට

එළඹෙන ශ්‍රී පාද සමයේදී පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවයක් ලබාදීමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද මස්කෙළිය නගරයේ පිහිටි ආපනශාලා සහ වෙළඳසැල් හදිසි පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය රැසක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සිය භාරයට ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
අපිරිසිදු ආකාරයට ආපනශාලා පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින් රැසකට ඒවායේ ඇති අඩුපාඩු සම්පූර්ණ කිරීමට මෙහිදී උපදෙස් ලබාදී ඇති අතර, අපිරිසිදු ආහාර අලෙවි කළ ආපනශාලා හිමියන් රැසකට නීතිමය පියවර ගැනීමටද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.