Gossips

ශ්‍රීපාද වන්දනාවේ ගිය පිරිසක් අනතුරක

නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ තලවාකැලේ, ශාන්ත ෆැට්ට්‍රික් දේවාස්ථානය අසලදී ඊයේ (18) ඊයේ රාත්‍රී 11.15 ට පමණ වෑන් රථයක් මාර්ගයේ කණ්ඩියේ හැපී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් වෑන් රථයේ රියදුරා ඇතුලු සිව් දෙනෙක් බරපතල තුවාල ලබා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කළ බවයි තලවාකැලේ පොලීසිය ප්‍රකාශ කළේ.
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඔවුන් 1990 සුවසැරිය හදිසි ගිලන් රථයෙන් වහා නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට පියවර ගත් බවත් පොලීසිය පවසනවා.
තුවාලකරුවන්ගෙන් දෙදෙනෙක් පිරිමි හා අනෙක් දෙදෙනා ගැහැණු බවයි වාර්තාවන්නේ.
මෙම පිරිස කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නැවත නුවරඑළිය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසට යමින් සිටියදී මෙසේ අනතුරට පත්ව තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ 08 දෙනෙක් ගමන් කර ඇති බවත්, අනෙක් සිව් දෙනාට තුවාල සිදුවී නොමැති බවත් පොලීසිය පවසනවා.
රියදුරාට නින්ද යාම හේතුවෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවේ කණ්ඩියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව වැඩි දුර පරීක්ෂණ පවත්වන තලවාකැලේ පොලීසිය සඳහන් කළා.