Gossips

ශ්‍රීදේවී විවාහ කරගත් හේතුව බොනී කපූර් හෙළිකරයි

හදිසියේ මියගිය ශ්‍රීදේවී විවාහ කර ගත් හේතුව පිළිබඳ සැමියා වන බොනී කපූර් කළ හෙළිදරව්වක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබෙනවා.
චිත්‍රපටයකින් දුටු ශ්‍රීදේවී පිළිබඳ තමා තුල දැඩි ආකර්ශණයක් හටගත් බවයි බොනී කපූර් හෙළිකර ඇත්තේ.
එම ආකර්ශණයත් සමග ඇයව විවාහ කර ගැනීමට කළ සැලසුම ඔහු පසුගියදා අනාවරණ කර තිබුනා.
ඒ අනුව තමාගේ චිත්‍රපටයට ඇය රංගනයෙන් දායක කර ගනිමින් ඇය සමග සමීප ඇසුරක් ගොඩනගා ගෙන ඇය විවාහ කර ගැනීමට සැලසුම් කළ ආකාරය ඔහු හෙළිකර තිබෙනවා.
ඒ සමයේදී ශ්‍රීදේවී එක් චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට අය කළ මුදල ඉන්දිය රුපියල් ලක්ෂ 8 ක්.
චිත්‍රපටයට එක්වීමට කළ ඇරයුමේ දී ශ්‍රීදේවීගේ මව ඒ සඳහා ඉන්දිය රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් ඊට ලක්ෂ 11 ක් ලබාදී මවගේ සිත දිනා ගැනීමට හැකිවූ බවයි බොනී කපූර් හෙළිකර තිබුනේ.
ඉල්ලු මුදලට වඩා වැඩි මුදලක් ලබාදීම හේතුවෙන් ශ්‍රීදේවීගේ මව තමා පිළිබඳ පැහැදීමක් ඇතිකරගෙන තිබු බව ඔහු ප්‍රකාශකර තිබෙනවා.
චිත්‍රපටය රූගත වන අතරවාරයේ තමා සහ ශ්‍රීදේවී අතර සම්බන්ධතාවක් ගොඩනැගුනු බව බොනී කපුර් හෙළිකළා.
ඒ සමයේදී මෙම සබඳතාව පිළිබඳ පුවත් රැසක් ගොඩනැගී තිබුනා.
එම පුවත් පළවීමත් සමග ශ්‍රීදේවී ගැබ්ගෙන ඇතැයි ද අනාවරණ වුනා.
අනතුරුව බොනී කපූර් සහ ශ්‍රීදේවීගේ විවාහය හදිසියේ සිදුවන්නේ 1996 වසරේදීයි.
ඉතා සාමාන්‍ය ආකාරයෙන් එම මංගල උත්සවය ගෙන තිබුනා.
පළමු විවාහයේ බිරිඳ සහ දරුවන් අතරමං කර දැමු බවට ශ්‍රීදේවීගෙන් බොනී කපූර්ට ඒ සමයේ චෝදනා එල්ලවුව ද ඔවුන්ගේ විවාහ දිවිය ඉතා සතුටින් ගෙවුනු බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.
ඉන්දීය සිනමාවේ තරු අතරින් වඩාත් කතාබහට ලක්වු මෙන්ම නොබිඳෙන සබඳතාවක් පවත්වාගෙන ආ යුවළක් ලෙසට ද බොනී කපූර් සහ ශ්‍රීදේවී සැලකෙනවා.
ඩුබායි රාජ්‍යයේදී මියයන විට 54 හැවිරදි වියෙහි පසුවූ ශ්‍රීදේවී දියණියන් දෙදෙනෙකුගේ මවක්.
බොනී කපූර්ට ශ්‍රීදේවී හමුවන විට ඔහුගේ පළමු විවාහනයෙන් පුත්‍රයෙකු සහ දියණියක ද ලැබී තිබුනා.