Gossips

ශ්‍රීදේවි අවසන් ගමන් යයි

අභාවප්‍රාප්ත ඉන්දීය සුපිරි නිළි ශ්‍රීදේවිගේ දේහය පිලිබද අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව මුම්බායි නුවරදි අද පස්වරුවේ සිදු කෙරුණා.
මහජන ගෞරව දැක්වීම සදහා මුම්බායි ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ තැන්පත් කර තිබු දේහය, අවසන් කටයුතු සිදු කෙරුනු ස්ථානය වෙත රැගෙන ගියේ විදුරු වලින් ආවරණය කරන ලද විශේෂ රථයකින්.
එහි ශ්‍රී දේවිගේ සැමියා වන බොනි කපුර් සහ ඔහුගේ සොහොයුරු අනිල් කපූර් ඇතුලූ පිරිසක් ගමන් ගත්තා.
රන්පැහැති සාරියකින් සරසවා ඉන්දීය ධජයෙන් ආවරණය කර තිබු ශ්‍රීදේවිගේ දේහය අවසන් වරට දැකබල ගැනීම සඳහා මග දෙපස දහස් සංඛ්‍යාත පිිරිසක් රැස්ව සිටි අතර ඇතැම් අවස්ථාවලදි ඔවුන්ව පාලනය කිරිමට ඉන්දීය පොලිසියට නොහැකි වුනා.