Gossips

ශ්‍රීදේවිගේ දේහය තවමත් ඩුබායි නුවර – පොලීසිය බොනී කපූර්ගෙන් ප්‍රකාශයක් ලබා ගනී

ඩුබායි නුවර මංගල්‍ය උත්සවයකට සහභාගිවීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මිය ගිය සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය තවමත් ඉන්දියාවට රැගෙන විත් නැහැ.
පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඩුබායි බලධාරීන් දේහය නිදහස් නොකිරීම ඊට හේතුවයි.
ඊයේ (26) දිනයේදීත් සිනමා රසිකයන් විශාල පිරිසක් මුම්බායි හි පිහිටි ඇගේ නිවහන වෙත රොක්ව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතයි.
නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව සඳහන්.
ඇතැම් වාර්තාවලට අනුව ඇය මෙලෙස නාන කාමරයේ වැටී සිටින අයුරු දැක ඇත්තේ හෝටල් සේවකයන් විසින්.
ඩුබායි පොලීසිය සිද්ධිය පිළිබදව බොනී කපූර්ගෙන් ද ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.