Gossips

ශ්‍රීදේවිගේ අවසන් කටයුතු අද

ඩුබායි හි මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට ගොස් සිටියදී හෝටලයේ නාන කාමරය තුළ දියේ ගිලී මියගිය ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (28) මුම්බායි හිදී සිදුකිරීමට නියමිතයි.
ඊයේ (27) රාත්‍රියේ ශ්‍රීදේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ වන විටත් නිවස ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටි බවද සඳහන්.
අද දහවල් පැය 03ක කාලසීමාවක් දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.
ශ්‍රීදේවි පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතයි.
නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව සඳහන්.
ඇතැම් වාර්තාවලට අනුව ඇය මෙලෙස නාන කාමරයේ වැටී සිටින අයුරු දැක ඇත්තේ හෝටල් සේවකයන් විසින්.
ඩුබායි පොලීසිය සිද්ධිය පිළිබදව ශ්‍රීදේවිගේ සැමියා වන බොනී කපූර්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.