Gossips

ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා නිසි බලධරයෙක් පත් කළේ නමට පමණක් ද ?

පසුගිය මාර්තු මාසයේ මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලියන ගණනක ලාභයක් උපයාගත් බව එවක ක්‍රිකට් බලධාරීන් පැවසුවා.
කෙසේ නමුත් එම තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන අංශයේ ප්‍රධානියා සිදුකල මුල්‍ය වංචාවක් පිලිබඳ බලධාරීන් තවමත් මුනිවත රැකීම විමතියට කරුණක්.
අදාළ තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානියා කොළඹ තරු පංතියේ හෝටලයක නවාතැන් ගෙන ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා ඇති මුදල රුපියල් 436,610.01දහස් හයසිය දහයයි ශත එකක්.
අදාළ වියදම් සදහා ඔහුම අත්සන් කර මුදල් අනුමතකරගෙන තිබීම මෙහි ඇති බරපතලම ගැටලුවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්වෙච්ඡා සේවයේ නියුතු වන්නන්ට හැර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන නිලධාරීන්ට මෙවැනි වරප්‍රසාද හිමි වන්නේ නැහැ.
අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ගත සේවකයෙක් වන අතර ඔහුගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5කට ආසන්න වනවා.
එමෙන්ම කොළඹ නගරය ආසන්නයේ වෙසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අංශ ප්‍රධානියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිට කිලෝමීටර් 6 කටත් වඩා අඩු දුරකින් පිහිටා තිබෙන තරගාවලිය ක්‍රියාත්මක වූ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යෑම් ඒම් සදහා තරු පන්තියේ හෝටලයක මෙතරම් මුදලක් වැය කර නවාතැන්
ගත්තේ කුමන පදනමක් යටතේද යන්න මෙහිදී මතුවන ගැටලුවයි.
මෙම මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපසභාපති කේ. මතිවානන් මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් සිදු කර ඔහුට එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුනා.
එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට නිසි බලධාරියෙක් පත්වූ විගස මෙම පුද්ගලයා එම මුදල් ලබාගෙන ඇත්තේ සිය බලය අයුතු ලෙස භාවිත කරමින්.
ක්‍රීඩා අමාත්‍යතුමනි, ඔබතුමන්ගෙන් අපට විමසීමට ඇත්තේ ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය සදහා නිසි බලධරයෙක් පත් කළේ නමට පමණක්ද යන වග පමණයි.