Gossips

ශ්‍රි පාද වන්දනා වාරය හෙටින් අවසන් (ඡායාරූප)

2017-2018 ශ්‍රි පාද වන්දනා වාරය හෙට (30) අලුයම ශ්‍රි පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත් වලින් අනතුරුව අවසන්කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමුව පලාත් ප්‍රධාන සංඝා නායක බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.
ඒ අනුව ශ්‍රි පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ උඩ මළුවේ සිට පෙරහැර දෙකකින් පැල්මඩුල්ල රජමහ විහාරය දක්වා වැඩම කරවීමට නියමිතයි.
මෙවර ශ්‍රි පාද වන්දනා සමය පරිසර හිතකාමි ලෙස පැවැත් වු බවත් ඒ සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට රත්නපුර මාර්ගය ඔස්සේ මෙන්ම හැටන් මාර්ගය ඔස්සේ ද විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් පැවසුවේ.

(ඡායාරූප – රංජිත් රාජපක්ෂ )