Breaking Politics

ශ්‍රිලනිප – සජිත් එකතුවට දයාසිරි හොරෙන්ම හරීන්ගේ නිවසට….

CAZ 4129 දරණ ජීප් රථය හරීන්ගේ ගෙදරට රිංගුවේ ඇයි?

මැතිවරණ රැස්වීම් අවසන් කර දයාසිරි ජයසේකර අද පාන්දර 3.31ට හරීන් ප්‍රනාන්දු සමග මල්ෂා කුමාරතුංග ජීවත් වන ශ්‍රැංගිල්ලා සුපෝගබෝගී නිවාස සංකීර්ණයට පැමිණිම අහම්බයක් නොවේ. ඒ වගේම එහි CCTV දර්ශණ මකා දැමීමද අහම්බයක් නොවේ…

පසුගිය මාස දෙක පුරාම සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා මේ වන විට කූඨාප්ප්‍රාත්තියට පැමිණ තිබේ…සමගි ජන බලවේගයෙන් මංගල සමරවීර නික්ම යාම සමගම මෙම සදාචාර විරෝධී ගිවිසුමේ ක්‍රියාකාරිත්වය හිටපු ජනපති සිරිසේනගේ නව සමාජ මාධ්‍ය ප්‍රධානී සමීර ද සිල්වා බාර ගෙන තිබේ.. එහි ප්‍රතිඵලයක් ලෙස “BRO”, “ඈඩ්‍ර්ස් නෑ” වැනි තවත් සමාජ මාධ්‍ය ජාලා පිටු බොහෝමයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන්ට මුල් තැනක් දෙමින් කටයුතු කරමින් ඇත…

අද උදෑසන හරීන් ප්‍රනාන්දු, ජලනී ප්‍රේමදාස, දුමින්ද දිසානායක, සහ දයාසිරි ජයසේකර අතර වූ සාකච්ඡාවේදී මෙම සමාජ මාධ්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් බිම් මට්ටමේ මනාප වැඩි කරගැනීම උදෙසා ක්‍රියාවලියක් මෙහය වීම ආරම්භ කොට ඇත. ඒ සදහා දයාසිරි ජයසේකරගේ සම්බන්ධීකරණ ලේකම් වරු වන පාලිත පෙරේරා, දහම් රාජපක්ෂ සහ බුද්ධික විතාරණ වෙත මෙම ඉදිරි දින දෙකේ ශුද්ධ පොහොට්ටු අපේක්ෂකයන්ගේ මනාප අඩු කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත. ඒ අනුව මෙවරත් රටට එරෙහි දේශපාලන බලවේග අදටත් හෙටටත් ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සුණු විසුණු කර එහි නායකත්වය සිරිසේනට භාර දීමටද අපි ඉඩ තබන්නේ නැත.

ඒ පිළිබඳ තීරණය කිරීම අපි ඔබට බාර කරමු… වාර්තා කිරීම අප සතු වුවත් තීරණය කිරීම ඔබ සතු බවත් ඉතා කාරුණිකව දන්වා සිටිමි..

======================================

“සියල්ල පවත්වා ගැනීම උදෙසා අපට මාතෘ භූමියක් තිබිය යුතුය”
-ඒබ්‍රහම් ලින්කන් –