අනුරාධපුර – ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේදී සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළකා ගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නිළධාරින් සමත්ව තිබෙනවා.
කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් සහ තලෙයිමන්නාරමේ සිට කොළඹ කොටුවට පැමිණෙමින් තිබූ දුම්රිය මෙසේ මුහුණට මුහුණලා ගැටීමේ අවදානමක් මතුවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
කොළඹ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් දුම්රියට නිසි පරිදි සංඥා නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය සිදුවූ බව ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ අතර, පසුගිය 23 වනදා පස්වරුවේ ද ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මැදවච්චියේ සිට කොළඹ – කොටුව බලා ධාවනය වූ යාල්දේවි දුම්රිය සහ කොළඹ – කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය දෙක එකම පීල්ලේ මුහුණට මුහුණ ගමන් කර තිබුණා.
එම අවස්ථාවේ දැඩි පරිශ්‍රමයකින් පසු හදිසි තිරිංග ක්‍රියාත්මක කිරීමෙන් පසු රියදුරන් දුම්රිය නවත්වාගෙන තිබුණා.
