දෙමව්පියන් මුහුණ දී සිටින දැඩි ආර්ථික අපහසුතා නිසා ශ්‍රවණ උපකරණ නොමැතිව දිවි ගෙවීමට සිදුව ඇති ශ්‍රවණාබාධිත දැරියක් පිළිබඳව තොරතුරු හිඟුරක්ගොඩ – කවුඩුල්ල – වෙහෙරගල ප්‍රදේශයෙන් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
අවුරුදු 04 යි මාස 06 ක් පමණ වයසැති චෙනුලි සදිස්මා නැමැති මෙම දැරිය පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කෙරුණේ මොළයට විෂබීජයක් ඇතුළුවීම හේතුවෙන්.
එහිදී ලබාදුන් එන්නත් නිසා පැමිණි අතුරු ආබාධ හේතුවෙන් ඇයට පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී කර්ණශංක බද්ධ කිරීමේ සැත්කමක් සිදුකර තිබෙනවා.
රජයේ ආධාර මත වසර කිහිපයකට පෙර සිදුකෙරුණු එම සැත්කමෙන් ඇයට ශ්‍රවණ උපකරණ සවි කර ඇති නමුත්, මේ වන විට ඒවායේ කාලය ඉක්මවා ගොස් ඇති බවයි චෙනුලිගේ මව වන දිනේෂා මධුමාලි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මෙම අංකයෙන් දරුවාගේ දෙමව්පියන් සම්බන්ධ කරගත හැකියි. – 0275628110