Gossips

ශ්‍රමදානයක් අතරතුර ටී 56 ගිනිඅවියක් සොයා ගැනේ

මත්තේගොඩ – උඩමාදුව ප්‍රදේශයේ ශ්‍රමදානයක් අතරතුර, උරයක බහා තිබූ ගී‍්‍රස් ආලේපනය කරන ලද ටී – 56 ගිනිඅවියක්, උණ්ඩ 30ක් සහ මැගසිනයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
අද (17) පෙරවරුවේ පැවති මෙම ශ්‍රමදානය අතරතුර වෙල් යායක් මැදින් දිවෙන බොක්කුවක සඟවා තිබියදි මෙම ගිනිඅවිය සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.