Gossips

ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලූ තුන්දෙනෙකු ස්වාධීන වෙයි

පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඕනෑම අවස්ථාවක මිලට ගැනීමට තමන්ට හැකියාව පවතින බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පසුගියදා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.
අද පැවති පළාත් සභා මාසික රැස්වීමේදී මෙලෙස විපක්ෂයේ අසුන්ගෙන ඇත්තේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, සභානායක සුදර්ශන දෙණිපිටිය සහ කුමාරසිරි රත්නායකයි.
ඒ අනුව තමන් ඉදිරියේදී විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක් වූ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ.