Gossips

ශෂිදරන්ගෙන් නව පක්ෂයක්

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් තම නායකත්වය යටතේ නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරන බව උතුර පළාත් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී ආනන්දි ශෂීදරන් පවසනවා.
ඊලාම් තමිල් සුයච්චි කලහම් හෙවත් ඊළාම් දෙමළ ස්වාධීන සංවිධානය නමින් එම පක්ෂය පිහිටුවන බවයි ඇය ප්‍රකාශ කළේ්.
"යුද්ධයෙන් පසුව තවමත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් නිසි අයුරින් ඉෂ්ඨ වෙලා නැහැ. ඒ වගේම නීතිය නිසියාකාරව ඉටු නොවීම නිසා සහ කාන්තා ගැටලුවලට විසඳුමක් ලබාදීමේ අරමුණින් තමයි මම මේ පක්ෂය ආරම්භ කරන්න තීරණය කළේ. ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් මෙම නව පක්ෂය හදුන්වලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ ප්‍රතිපත්ති පිළිගත් පිරිසට සහ දෙමළ ජනතාවට හොඳ සේවාවක් ලබා දෙන්න මාත් එක්ක දෙමළ ජනතාව එකතු වෙයි කියලා මම විශ්වාස කරනවා."