Gossips

ශල්‍ය වෛද්‍යවරයෙකු සිදුකළ පහරදීමකින් හෙදියකට තුවාල

ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් හෙදියකට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් කුරුණෑගල මහ රෝහලේ හෙද හෙදියන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරතවනවා.
ශල්‍යකර්මයක් සිදුකරමින් සිටි වෛද්‍යවරයා එහි තිබූ උපකරණයකින් ඇයට මෙලෙස පහරදී ඇති අතර, එහිදී තුවාල ලැබූ හෙදිය කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් චින්තන සංජීව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අදාළ වෛද්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු වර්ජනය දියත් කරන බව ඔහු ප්‍රකාශ කළා.