Gossips

ශකීබ් අල් හසන්ට ආසියානු කුසලානය අහිමි වෙයි

එළඹෙන ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට තමාට නොහැකිවනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් පවසනවා.
ඇගිල්ලේ ආබාධය හේතුවෙන් ඊට සිදුකළ යුතු ශල්‍යකර්මය හමුවේ තරගාවලියට එක්වීමට හැකියාවක් නොලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
පසුගිය ජනවාරි මාසයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ පැවති තුන්කොන් තරගාවලියේදී ශකීබ් අල් හසන් ආබාධයකට ලක්වුනා.
ඔහුගේ වම් අතේ ආබාධය පවතින අතර මේ හේතුවෙන් එම තරගාවලියෙන් ද ඉවත්වීමටයි තුන් ඉරියව් ක්‍රීඩකයාට සිදුවුනේ.
මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සමග මාර්තු මාසයේදී පැවති ටෙස්ට් තරගාවලිය මෙන්ම 20 යි 20 තරග දෙකට ද සහභාගී වීමට හැකියාවක් ලැබුනේ නැහැ.
ආබාධයට ලක්ව ඇති ඇගිල්ලේ හැකි ඉක්මනින් ශල්‍යකර්මය සිදුකිරීම අපේක්ෂාව වන අතර එය බොහෝ දුරට ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයට පෙර සිදු වනු ඇතැයි ඔහු සඳහන් කර තිබෙනවා.