Gossips

වෝනර් ස්මිත් එන දවස ගැන ෆින්ච්ගෙන් ඉඟියක්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් සහ එම කණ්ඩායමේ හිටපු නායක ස්ටිව් ස්මිත් ලබන මස දී යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වන බව වර්තමාන ඕස්ට්‍රේලියානු එක්දින සහ විස්සයි 20 නායක ආරොන් ෆින්ච් පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමඟ අද ආරම්භ වීමට නියමිත තරඟ 3කින් සමන්විත විස්සයි 20 තරඟාවලියේ පළමු තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ෆින්ච් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ වොනර් සහ ස්මිත්ගේ පැමිණීමෙන් පසු ඕස්ට්‍රේලියානු සංචිතය යම් ස්ථාවර මට්ටමකට පැමිණිය හැකි බවයි.
පසුගිය වසරේ දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟයේ දී ස්මිත් සහ ඩේවිඩ් වෝනර් පන්දුව පලඳු කිරීමේ චෝදනාවට ලක් වුණා.
එහිදී ඔවුන් එම චෝදනාව පිළිගත් අතර වසරක අන්තර් ජාතික තරඟ තහනමකට ලක් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියලය තීරණය කරනු ලැබුවා.