දකුණු අප්‍රිකානු සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරදට ක්‍රිකට් තහනමකට ලක්ව සිටින ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු පිළට යළි ඇතුළත් කිරීම නැවතත් පමා කර තිබෙනවා.
එක්සත් අරාබි එමීරයේ පැවැත්වෙන පාකිස්ථාන තරඟාවලිය සඳහා ඕස්ට්‍රේලියානු පිළ අද නම් කෙරුණු අතර, ඊට ඔවුන් දෙදෙනා ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත්, මාර්තු 28 වන දා තහනම ඉවත් වන වෝනර් සහ ස්මිත් මෙවර අයි.පී.එල්. තරඟාවලියට සහභාගි වනවා.
තරඟාවලිය වෙනුවෙන් නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්
ආරොන් ෆින්ච් (නායක), ඇලෙක් කේරි, පැට් කමින්ස්, ජේසන් බේරින්ඩෝෆ්, නේතන් කොල්ට-නයිල්, පීටර් හෑන්ස්කොබ්, උස්මාන් කවාජා, නේතන් ලයන්, ෂෝන් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ජේ රිචඩ්සන්, කේන් රිචඩ්සන්, මාකස් ස්ටෝයින්ස්, ඈෂ්ටන් ටනර්, ඇඩම් සම්පා
