Gossips

වෝනර් නායකත්වය අත්හරියි

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වෙයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ඉවත්වී තිබෙනවා.
දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් එල්ලවූ චෝදනාව ඔප්පු වීමත් සමඟ වෝනර් මෙම තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඩේවිඩ් වෝනර් ඉවත් වීමත් සමඟ පුරප්පාඩු වන සන්රයිසස් නායකත්වයට පත්කරන ක්‍රීඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නැහැ.
වෝනර් ගියවර තරඟාවලියේදී ද සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර තරඟාවලියට ද ඔහු නායකයා ලෙසයි නම් කර සිටියේ.
අදාල චෝදනාව ඔප්පු වීමත් සමඟ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකත්වයෙන් ඩේවිඩ් වෝනර් ඉල්ලා අස්වුන අතර ස්ටීවන් ස්මිත් එම කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා.
මේ අතර ස්ටීව් ස්මිත් මෙවර අයි.පී.එල් තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන්ද පසුගියදා ඉල්ලා අස්වුණේ අදාල සිදුවීම මුල් කරගෙනයි.
ස්මිත්ගෙන් හිස්වන රාජස්ථාන් රෝයල් නායකත්වය සඳහා අජින්ක්‍යා රෙහානි පත්කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රීඩකයින් වහාම දකුණු අප්‍රිකාවේ සිට ඕස්ට්‍රේලියානුවට කැඳවන්නට එරට ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තා.