Gossips

වෝඩ් පෙදෙස අවහිර කරමින් සරසවි සිසුන් සත්‍යග්‍රහයක

කොළඹ – වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සරසවි සිසුන් පිරිසක් අද උදෑසන සිට සත්‍යග්‍රහයක නිරත වනවා.
මේ හේතුවෙන් පැය කිහිපයක සිට ඒ අවට මාර්ගවල රථවාහන තදබදයක් පවතින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
සබරගමුව විශ්වවිද්‍යාලයට බදවා ගන්නා සිසුන් සංඛ්‍යාව කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙම සත්‍යග්‍රහය සංවිධාන කර තිබෙනවා.
ඔවුන් අද උදෑසන ලිප්ටන් වටරවුමේ සිට පා ගමනකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට පැමිණ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.