Gossips

වොක්ෂෝල් වීථියේ ගින්නට හේතුව අහස් කූරක්

කොළඹ දෙක – වොක්ෂෝල් වීථියේ ගබඩාවක ගින්න හටගෙන ඇත්තේ අහස් කූරක් නිසා බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.
අද දහවල් හට ගත් මෙම ගින්නෙන් වොක්ෂෝල් වීථියේ පිහිටි කාර්යාලයීය උපකරණ නිෂ්පාදනය කරන ආයතනයකට අයත් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගිනි ගනු ලැබුවා.
ගින්නෙන් ගබඩාවට දැඩි හානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 6ක් සහ ගුවන් හමුදා ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගත් බවද කොළඹ ගිනි නිවීමේ ඒකකය කියා සිටියා.
ගිනි නිවීමේ කටයුතු සිදුවන අවස්ථාවේදී සුළු ආබාධයකට ලක්වූ ගිනි නිවීමේ භටයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු අතර පසුව ඔහු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා.