Gossips

වෛරස් රෝග තුනක එකතුවකින් දකුණේ උණ රෝගය ව්‍යාප්ත වෙයි

දකුණු පළාතේ පැතිරි යන වෛරස් උණ රෝගයෙන් මිය ගිය දරුවන්ගේ මරණවලට හේතුව වෛරස් කිහිපයක් අසාදනය වීම බවට සැකයක් මතුවී තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය තවදුරටත් පරික්ෂණ සිදු කරන බවයි.
මෙම උණ රෝගය හේතුවෙන් මේ වන විට දකුණු පළාතේ වයස අවුරුදු 12ට අඩු දරුවන් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය කියා සිටියේ තවත් සති දෙකක් ඇතුලත මෙම රෝගය පාලනය කළ හැකි තත්ත්වයක් පවතින බවයි.