Gossips

වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් මහාචාර්ය කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වූ බව මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.
ඊට අදාළ ලිපිය මේ වනවිට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත යොමුකර ඇති බවයි මහාචාර්යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතේ පවතින අඩුපාඩු හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියා.
පසුගිය වසරේ ඔක්තෝම්බර් දෙවනදා මහාචාර්ය කොල්වින් ගුණරත්න ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූයේ එතෙක් එහි සභාපති ධූරය දැරූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සේවා කාලය අවසන් වීමෙන් පසුවයි.