Gossips

වෛද්‍ය සංගමය විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බව එජාපය කියයි

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකිරීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පරුම මේ බව කියා සිටියා.
ඔහු පෙන්වා දුන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ පසුගිය රජය සමයේ ගෙන්වූ අවස්ථාවලදී ඊට විරෝධයක් වෛද්‍ය සංගමය නොදැක්වූ බවයි.
රටේ ආර්ථිකය පිළිබඳව ආර්ථික විශේෂඥයින් ගත යුතු තීරණ එම්.බී.බී.එස්. වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වීමක් සිදු නොකරන බවයි ඔහු පෙන්වා දුන්නේ.
සිංගප්පූරු වෙළඳ ගිවිසුම වත්මන් රජය අත්සන් තැබුවේ රටේ ආර්ථිකයට තවත් පෙරළියක් එක් කර රටේ ගැටළු විසඳීමට බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම ගිවිසුමේ ගැටළුවක් නොමැති බවද අජිත් මාන්නප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.