Gossips

වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙකුට

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීමෙන් පිළිකා රෝගයට නව ප්‍රතිකර්මයක් ඉදිරිපත් කළ ඇමරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙකුට මෙවර වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වී තිබෙනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ෙසෙල මෙන්ම ඇතැම් පිළිකා ෙසෙල මගින් නිපද වූ ප්‍රෝටීන යොදාගෙන මෙම ප්‍රතිකර්මය නිර්මාණය කර ඇත්තේ ජේම්ස් ඇලිසන් සහ ටසුකු හොන්ජෝ යන විද්‍යාඥයන් දෙදෙනා විසින්.
ඔවුන්ට වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 1.01ක් ලබන දෙසැම්බර් 10 වන දා පිරිනැමෙන්නේ ස්වීඩනයේ කාල් ගුස්ටාෆ් රජු වෙතින්.