Gossips

වෛද්‍ය වර්ජනය උදෑසන 8ට අවසන්

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8ට ආරම්භ කළ වැඩ වර්ජනය අද උදෑසන 8ට අවසන් වනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිය වැඩවර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි.
කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවකට පත්වුණා.