Gossips

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවී තිබෙනවා.
හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට අද පෙරවරුවේ පැමිණි රෝගීන් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි.
සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරීම ඇතුලූ හේතු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8 ට මෙම දීපව්‍යාප්ත සංකේත වර්ජනය ආරම්භ කළා.