Gossips

වෛද්‍ය පවුලක් අම්බලන්ගොඩ මුහුදේ දී, රළ පහරට හසුවේ – අයෙක් මරුට

අම්බලන්ගොඩ – පැරණි තානායම අසළ මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයන් 06 දෙනෙකු රළ පහරකට හසුවී ඇති අතර, ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස රළ පහරට හසුව ඇත්තේ ඇල්පිිටිය රෝහලට අනුයුක්ත වෛද්‍යවරයෙකු, ඔහුගේ බිරිඳ වන කරාපිිටිය රෝහලේ වෛද්‍යවරියක්, ඔවුන්ගේ දියණියන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙක්.
පොලීසිය පැවසුවේ තානායම අසල නානතොටුපලේ වැලි පිරි ඇති බැවින් නුසුදුසු ස්ථානයක දියනාමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.
දියේ ගිලුණු පිරිස බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතල තත්ත්වයේ සිටි වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 73 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයාගේ ඥාතියෙකු වන විශ්‍රාමික පරිපාලන නිළධාරියෙක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මේ දිනවල පවතින මුහුදේ රළු ස්වාභාවය සහ එම ස්ථානයේ පවතින අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් අද (06) උදෑසන ද අම්බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර ඇති බවයි.