Gossips

වෛද්‍යවරු නොමැති වීමෙන් රෝගීන් උද්ඝෝෂණයක (ඡායාරූප)

වැලිඔය සම්පත්පුර ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පිරිසක් එහි වෛද්‍යවරු නොමැති වීම නිසා අද (16) උදෑසන උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා.
රෝහලේ සේවය කිරීමට වෛද්‍යවරු සිව්දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සේවය කරන්නේ එක් වෛද්‍යවරියක් බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.
අද (16) දින එම වෛද්‍යවරියත් අසනීප නිවාඩු ලබා සේවයට නොපැමිණීම හේතුවෙන් රෝගීන් මහත් අසීරු තත්වයකට පත්වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
කෙසේ නමුත් උද්ඝෝෂකයින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ප්‍රශ්නයට මැදිහත් වී රෝහලට අවශ්‍ය පරිදි වෛද්‍යවරුන් ලබා දෙන ලෙසයි.