Gossips

වෛද්‍යවරු ජනපති හමුවේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා.
ඒ, ශ්‍රී ලංකාව – සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
මෙහිදී අදාළ ගිවිසුමෙන් සිදුවන බලපෑම් පිළිබද පුළුල් ලෙස ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේ.