Gossips

වෛද්‍යවරුන් වර්ජනයට සූදානමින්

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පනත ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීම සඳහා ඕනෑම මොහොතක දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඊයේ (03) රැස්වූ විධායක සභාවේදී මෙම තීරණයට එළැඹි බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
මේ අතර, විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ මගින් පිරිනමනු ලබන උපාධි පාඨමාලා කප්පාදු කිරීමට රජය සූදානම් වන බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර මේ බව සඳහන් කළා.