Gossips

වෛද්‍යවරුන් යළි වර්ජනයකට සූදානමින්

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලූ තවත් ගැටළු 10 ක් මුල් කර ගනිමින් අගෝස්තු 3 වනදා දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ කියා සිටියේ ලබන සතිය වනවිට විසඳුමක් නොලැබුණහොත් එලෙස වර්ජන ක්‍රියාමාර්ගයට එළඹීමට සිදුවන බවයි.
මේ අතර, දිරි දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය තාක්ෂණ කළමනාකාර සහකාර නිලධාරින්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවමත් ක්‍රියාත්මක බව එහි ප්‍රධාන ලේකම් කමල් පීරිස් ප්‍රකාශ කළා.
එමෙන්ම, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව පවසා දේශපාලන හිතවත්කම් මත ලබාදීමට උත්සාහ කරන පත්වීම් 1014 ක් අවලංගු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය ද අනිද්දා වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.