Gossips

වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ලෙන් තරුණියක් කාසල් රෝහලේදී මියයයි

ලිඳුල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාව කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත්තේ වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත් කම නිසා බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා.
පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියදී මුත්‍රා ආසාධනයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇය රෝහල වෙත පැමිණ ඇත්තේ පසුගිය 27 වනදායි. අනතුරුව ඇය පසුගිය 29 වනදා සැත්මකට භාජනය කෙරෙන්නේ උදරයේ ආබාධයක් බව වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමඟයි.
ඉන් දින දෙකකට පසු මෙම කාන්තාව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, පසුව උදරයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් නැවතත් ඇය රෝහල් ගත කෙරුණා.
කෙසේ වෙතත් පසුගිය හත්වනදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ සැමියා ඇතුලූ ඥාතීන් ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුව ඇති බවයි.