Gossips

වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනාව ඉහළට, වර්ජනයේ වෙනසක් නැහැ – රජයේ වෛද්‍යවරු කියයි

වෛද්‍යවරුන්ට ලබාදෙන බාධක සහ පැමිණීමේ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩගාරයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මෙම දීමනාව රුපියල් 15,000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25,000කින් ද ඉහළ යනු ඇති.
මේ වන විට රජයේ සියලුම වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව ලෙස රුපියල් 35,000ක් ලබාදෙන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මෙම දීමනාව ඉහළ දැමීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් පසුගිය දා නිර්දේශ ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත්, ලබන මස 03 වන දා දියත් කිරීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වර්ජනයේ වෙනසක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.