Gossips

වෛද්‍යවරියකගේ බැංකු කාඩ්පතක් සොරකම් කර මුදල් ගත් කාන්තාවක් සොයා විමර්ශණ

හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරියකගේ බෑගයේ තිබු ඒ ටී එම් කාඩ්පතක් සොරා ගෙන මුදල් ලබාගත් කාන්තාවක් සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
සැකකාර කාන්තාව සී සී ටී වී දර්ශන මගින් හඳුනාගෙන පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය 15 වනදා සවස 5 ට පමණ හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරී මේ සය මත තිබු වෛද්‍යවරියකගේ බෑගයක් සොරාගෙන එහි තිබු රන් මුදුවක්, රුපියල් තුන් දහසක මුදලක් මෙන්ම බැංකු කාඩ්පත සොරකම් කර තිබුනා.
සැකකාරිය එම කාඩ්පත ගෙන ගොස් බැංකුවකින් මුදල් ලබාගන්නා ආකාරය කැමරාවල සටහන් වී තිබෙනවා.
මුදල් ලබා ගැනීමෙන් පසුව වෛද්‍යවරියට අයත් හැඳුනුම්පත සහ බෑගය නැවත රෝහලේ භාහිර රෝගී අංශයේ දමාගොස් තිබු බව සඳහන්.
වෛද්‍යවරිය මේ පිළිබඳ හම්බන්තොට පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරුක් දන්නේ නම් පොලිසියට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.