Gossips

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෛද්‍යවරයෙකු මෙන් ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බැංකු ගිණුම් ආරම්භ කර ණය මුදල් ලබාගත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරු ගම්පහ – උඩුගම්පොල ප්‍රේදශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔහු එක්කෝටි අසූ එක් ලක්ෂයක මුදලක් මෙලෙස වංචා කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා. 56 හැවිරිදි සැකකරු ගම්පහ – බැන්ඩියමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු ළඟ තිබී විවිධ නම් සඳහන් ව්‍යාජ හැඳුනුම්පත් 4 ක්, රියදුරු බලපත්‍ර 2 ක් සහ විදේශ ගමන් බලපත්‍ර 11 ක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.