Gossips

වේල්ස් කුමර විදුහල පරදා රිච්මන්ඩ් පිළට ජය

ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති පළමු අවසන් පූර්ව තරඟයෙන් මොරටුව – වේල්ස් කුමර පිළ පරදවා ලකුණු 68ක ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිළ සමත් වුණා.
රිච්මන්ඩ් පිළ පන්දු වාර 47යි පන්දු 4කදී සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 208ක් රැස් කළ අතර, වේල්ස් කුමර පිළට පන්දු වාර 40යි එක් පන්දුවකදී සියළු ක්‍රීඩකයන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.