Gossips

වේයන්ගොඩ දෙමහල් ගොඩනැඟිල්ලක ගින්නක්

වේයන්ගොඩ කීනවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක උඩුමහලක ගින්නක් හටගෙන තිබෙනවා.
අද (22) අලුයම හටගත් මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි පොලිසිය කියා සිටියේ.
වේයන්ගොඩ පොලිසිය ගින්න පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.